මේ විවේචන වලට ප්‍රතිඋත්තර සපයන ශිෂ්‍ය ක්‍රියාකාරකයින් පවසන්නේ තමන් මහමග සටන් කරන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බවත්,පත්වන සෑම ආණ්ඩුවක්ම තමන් මහමග සටන් නොකර සිටියොත් නිදහස් අධ්‍යාපනය විනාශ කර දමන බවත්ය.තමන් පොදු ප්‍රවාහන සේවා වලට ගොඩවන්නේ ජනතාව දැනුවත් කිරීමට සහ ඒ වෙනුවෙන් වන අරගලයට සුළු මුදලක් එකතු කර ගැනීම වෙනුවෙන් වන බවටත්ය.
එමෙන්ම බොහෝ මහමග අරගල කරන ශිෂ්‍ය සංගම් විසින් යම් අරමුදල් සපයාගෙන දුෂ්කර පාසල් සදහා උදවු කිරීම,පාසල් ගොඩනැංවීම වැනි ප්‍රජා සේවාවන්ද බොහෝ දුරට සිදු කරනු ලබයි.නමුත් ඒ හොද වැඩ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය එකකින්වත් ප්‍රචාරය නොවේ.පුද්ගලික මාධ්‍ය ආයතන පිළිබදව කතා කිරීමත් අප්‍රසන්න වී ඇත.මන්දයත්,ඔවුන් හිමිකාරීත්වය දරන තම හාම්පුතුන් වෙනුවෙන් ලාභ උපයා දීමේ නොනවතින ගමනක යෙදී සිටී.ඔවුන්ට අවශ්‍ය කුණු ඇවිස්සීම පමණි.එය 'මා+කටින්' යනුවෙන්ද හදුන්වයි...
රාජ්‍ය මාධ්‍ය ආයතන පැවතියද ඒවාට ලං වීමටවත් ඉඩක් නොමැත.නිලධාරී පාලනයක් සහ දේශපාලුවන්ගේ එහෙයියන්ගේ තෝතැන්නවල් බවට රාජ්‍ය මාධ්‍ය ආයතන පත්ව තිබේ.මේ තත්වය තේරුම් ගත් කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය අධ්‍යානාංශය 2011 ලෝක බැංකු ආධාර යටතේ මෙරට ප්‍රථම විශ්වවිද්‍යාලයීය ගුවන් විදුලි මධ්‍යස්ථානය හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේදී පිහිටුවනු ලැබුවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිසි අවධානයක් ඒ වෙනුවෙන් ලැබුනේ නැත.විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මුදලින්ම එය නඩත්තු වේ.
වර්තමානය වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් ඒ සදහා සුබදායී ප්‍රතිචාරයක් ලැබුනත් අරමුදල් ශිෂ්‍යයින් විසින්ම තවදුරටත් සපයාගෙන ගුවන් විදුලිය වෙබ් මාධ්‍යයෙන් පවත්වාගෙන යයි.
ඔක්තෝම්බර් මස 28 සිකුරාදා සවස 6.30 සිට හොරණ ,ශ්‍රී පාලි රංග ශාලාවේදී 'සුනිල ගී සර' සුබාවිත ගී ප්‍රසංගය පැවැත්වේ.මෙම ප්‍රසංගය සංවිධානය කිරීමෙන් ලැබෙන මුදල හොරණ අධ්‍යාපන කලාපයේ විශේෂ අවශ්‍යතා සහිත සිසු දරුවන් වෙනුවෙන් ගොඩනගන පාසල් අරමුදලට සහ කැම්පස් රේඩියෝවේ ප්‍රජා ගුවන් විදුලි විකාශන කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් යොදවනු ලැබේ.'වයර්ලස් ක්ලබ් මගින්'හොරණ අධ්‍යාපන කලාපයේ පාසල් වල සන්නිවේදන ඒකක සදහා විශේෂ පුහුණුවක් ලබා දීමටත් අපේක්ෂා කෙරේ.
සෑම දෙයක්ම අසුබවාදීම නොවේ.සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි දේවල් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළින් සිදු වේ.ඒ සදහා ප්‍රචාරයක් නොලැබීම කණගාටුවට කරුණකි.'යූත් එරීනා අපි' ඒ යුතුකම පැහැර නොහැරියෙමු!


No comments:
Post a Comment