"මචන්,තිසර අයියා සුපිරි ස්ක්‍රිප්ට් එකකට සිරාම ෆිල්ම් එකක් කරලලු... ස්ටුඩියෝ එකක් ඇතුළෙම ජීවත් වෙන කොල්ලෙක්ගේ කතාවක්ලු බන්..."
මේ 2016 අවුරුද්දේ ආදරවන්තයින්ගේ දිනයෙන් පසු දිනයේ උදෑසනම මගේ මිතුරෙක් මා හට පැවසූ අත්දැකීමකි.
මා විසින් පසුව කළ මුට්ටිය දැමීමකදී හෙළි වූයේ 2008 වසරේ අවසානයේ රූගත කිරීම් අවසන් කළද 'නිනෝ ලයිව්' චිත්‍රපටය විවිධ බාධක හමුවේ තිරගත වීම් ප්‍රමාද වූ බවයි.
'නිනෝ ලයිව්' නැවත ජවය ලබන්නේ 'සුනිල් ටී චිත්‍රපට' සමාගමේ දායකත්වය කඩිනමින් ලැබීම නිසාය.
චිත්‍රපට සංස්ථාවේ 'තරංගනී' සිනමා ශාලාවේදී මැයි මස 09 වැනි දා 'නිනෝ ලයිව් මාධ්‍ය සඳහා දර්ශනය' නැරඹීමට මමත් එක් වූයෙමි.
එහිදී මගේ සිතට පැන නැඟි සිතිවිලි සමුදායකි.
ඇත්තටම මේ ලෝකයේ 'නිනෝ' වගේ සීමාවකට කොටුවෙලා ජීවත් වන්නට සිදුවන තරුණයෝ නෑ වෙන්න බෑ නේද?
අක්කර ලක්ෂ ගණනින් විශාල පරිසරයක පැතිරුන චිත්රාගාර පෞද්ගලික මාධ්‍ය ආයතන සතු වෙන්න පුළුවන්ද?
පොලිසිය පවා තමන්ට අවශ්‍ය විදියට මෙහෙයවා ගැනීමට බහු ජාතික මහා පරිමාණ සමාගම් වල හිමිකාරීත්වය පවතින මාධ්‍ය ආයතන වලට බැරි වෙන්න විදියක් නෑ නේද?
තමන්ගේ පුතා විකුණලා ,පෞද්ගලික පවුල් ජීවිතය උකසට තබා සල්ලි හම්බකරන තාත්තලා අද සමාජයේ ඉන්නවාද?
'නිනෝ' ට නිදහස ගැන උගන්වලා නිනෝට නිදහස් ලෝකය වෙත වැට කඩොල්ල පනින්නට උගන්වපු 'නුනූ' විප්ලවකාරිනියක්ද?
ඔබත් එන්න මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න!!!


No comments:
Post a Comment