තාරුණ්‍යයේ කොන්ඩම් ගැලවීම
ස්පාටකස්
කාමරයට වැදී දොරත් අගුලා දාගෙන අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී කොහේදෝ සිට පැමිණි වචන ටිකක් කන්බෙරේ වැදුණේ කර කර හිටපු වැඩෙත් ටිකකට නතර කරවමිනුයි. ඒ වචන ටික ඇදී එන්නේ රූපවාහිනියෙන් බව තේරුම්ගන්න වැඩිවෙලාවක් ගතවුණේ නෑ.
“අපේ රටේ තරුණ පරම්පරාවට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා “කොමියුනිකේෂන් අවුල”. රූපවාහිනියට ඇවිත් ඉන්න පොරක් කියනවා. ටීවි එක ඇතුළට වෙලා පාළු ගෙයි වළං බිඳින හාදයෝ ඕන තරම් නෙ. ඒත් මේ මනුස්සයා කියන කාරණා ටික අහන් ඉන්න හිතෙනවා..
“තමන්ගෙ හිතේ තියෙන අදහස් අනිත් කෙනාට හරියට සන්නිවේදනය කරන්න බැරි එක ඇත්තටම ලොකු අවුලක්. උදාහරණෙකට තමන් කවුරුහරි ගෑනු ළමයෙක් ආශ්‍රය කරන්න කැමැති නම් ඒක ගෑනු ළමයට සන්නිවේදනය කරන විදිහ ගැන අපේ පිරිමි ළමයින්ට අවබෝධයක් නෑ. යුරෝපෙ රටකදි නම් ‘අපි කෝපි කොප්පයක් බොමුද’ කියල අහල දෙන්නා එකිනෙකාව අඳුනගෙන දෙවැනි තුන්වෙනි දවසෙ එකට නිදාගන්නත් යනවා. හැබැයි අපේ රටේ කොල්ලො කෝපි බොමුද කියල අහන එක වෙනුවට කෙල්ලක්ව දැක්කම කරන්නෙ ඇස් ගහන එකයි විසිල් කරන එකයි”.
බැලූ බැල්මට වයස අවුරුදු හතළිහත් ඉක්මවපු මේ මනුස්සයා කියන කාරණා ටික ඇත්තය. ආදරය වගේම ලිංගිකත්වය ගැනත් අපේ තරුණ පරම්පරාව ඉන්නේ දරුණු කුහක වටපිටාවක ය. ප්‍රකෘතියට ඉඩදීම පාපයක්යැයි හිතන්නට අනුබල දෙන සමාජයකය.
සංස්කෘතිය ගැන සදාචාරය ගැන පඬි වදන් දෙන්නවුන්ට උඩරට විවාහ ක්‍රමය යටතේ අපේ ආච්චිලා සීයලා එකගෙයි දීග කෑවා අමතක විය නොහැක. නමුත් මධ්‍යතන යුගයේ තිබූ වර්තමානයේ යල් පැන ගිය වික්ටෝරියානු සංස්කෘතියක් අපේ සංස්කෘතිය යැයි කියාගනිමින් අපි ගමන් ගන්නේ ඉස්සරහට ද පස්සට ද යන්න නැවතත් සිතා බැලිය යුතුම ය.
ගූගල්වලින් සෙක්ස් සොයා ගොස් කප් ගැසූ අපි ගැන සිතිය යුත්තේ අපිම ය. වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාව හරිගැස්සිය යුතුය වැනි කතා කීම විහිළුවකි. තරුණ කෙල්ලන් කොල්ලන්ට ඇති ප්රශ්නය අල ගිය මුල ගිය තැන්වලින්ම අල්ලා විසඳා ගත යුත්තේ කෝපි කාලේ වැඩිහිටියන් නොව මොඩර්න් කෙල්ලන් සහ කොල්ලන්ම ය. මේ ‘කොමියුනිකේෂන් අවුල’ ලිහා ගැනීම එහි පටන්ගැන්ම වනු ඇත.
Top Story
සජානා කෙල්ල වී යුරේනි බඩුව වීම.
සජානා යුරේනි තරම් සමාජශීලි නොමැත, ඒ නිසා යුරේනි බඩුවකි, සජානා පාඩුවේ සිටිනා කෙල්ලෙකි.. සජානාගේ කොණ්ඩය දිගය, පාට කර හෝ ලේයර් කර නොමැත, එ...
About US
වහල් හිමියන් කොලෝසියමෙ නාට්‍ය බලනකොට වහල්ලු එරීනාවෙ සටන්කලා... ඒ වහල් විමුක්තියට නෙවෙයි...! කොලෝසියමෙ නාට්‍ය බෝරින් උනාම වහල් හිමියන්ට ආතල් දෙන්න... ඒත් ඒ වහල්ලු සටන් කරන කලාව දැනගෙන හිටියෙ නෑ... උන් අතට දුන්න අවි අරගෙන ඔහේ, එහෙ මෙහෙ වැනුවා විතරයි... ඒත් පීඩකයන්ට ඕනවුනේ ඊට වඩා දෙයක්.... උන් වහලුන්ට සටන් කරන හැටි කියලා දුන්නා... තමන් අතට ලැබුන අවියෙන් අනිකට අනින්න... බෙල්ල කපන්න කියලා දුන්නා. පීඩකයන් වහල් සටන් වලින් නිකුත්වුන උණු ලේ වල සුවද රසකර වින්දා... ඒත් එක මොහොතක ඒරීනාවෙ සටන් කල වහලුන්, ඒ අවි තමන්ගෙන් විනෝද වෙන පීඩකයන්ට එරෙහිවත් යොදාගන්න පුලුවන් බව තේරුම් ගත්තා... එහෙමත් නැත්නම් වහලා කියන කඩතුරාවෙන්, තමන්ව යටකරල හිටපු මනුස්සයව හොයාගත්තා... එතන ඉදලා වහල්ලු තමන් එකිනෙකා මරාගත්ත සටන, පීඩකයට එරෙහිව යොදාගත්තා... තමන්ගෙ මරණයේ පාසල, පීඩකයගෙ මරණයේ පාසල බවට පත්කර ගත්තා... එතන ඉදලා සියලු පීඩකයන්ගෙ සටන් පාසල බවට එරීනාව පත්වෙනවා... ඔව්...! පීඩකයන්ට එරෙහිව ධෛර්යයෙන් සටන් කරන්න ඉගෙනගන්න සටන් පාසල එරීනාව වුනා... කාලය වෙනස් උනත් එරීනාව අදටත් අදාලයි... වහල් කැරැල්ලෙන් වහලා නිදහස් උනත් සමහර වහල් බැමි අදටත් අපිව වෙලාගෙන... මේ එරීනාව අතීත සටන් සගයන්ගෙ සටන් පාසල... ඉතින් එන්න වහල් බැමි පුපුරවන්න...!!!

No comments:
Post a Comment